සංචාරකයින්ගේ පැමිණීම වර් ධනය කර ගැනීමට වැඩපිළිවෙළක්

සංචාරකයින්ගේ පැමිණීම වර් ධනය කර ගැනීමට වැඩපිළිවෙළක්

ලබන වසර වනවිට මෙරටට පැමිණෙන සංචාරකයින් ලක්ෂ 30 දක්වා වර්ධනය කර ගැනීම අරමුණ බව සංචාරක නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය රුවන් රණසිංහ මහතා පවසනවා.

ඒ සඳහා රජය වැඩපිළිවෙළ සකස් කර ඇති බවයි ඒ මහතා පෙන්වා දෙන්නේ.

ජාතික ජන බලවේගය ඉදිරිපත් කළ පොහොසත් රටක් ලස්සන ජීවිතයක් ප්‍රතිපත්ති ප්‍රකාශය තුළ සංචාරක ක්ෂේත්‍ර යේ ප්‍රවර්ධනය වෙනුවෙන් විශේෂ යෝජනා රැසක් ඉදිරිපත් කර තිබුණා.

ඒ නව්‍ය සංචාරක කර්මාන්තයක් ආකර්ශනීය ගමනාන්තයක් යන තේමාව ඔස්සේයි.

රටවටා ගමනාන්තවල දැනට පවතින සංචාරක යටිතල පහසුකම් සහ නවීකරණය කළ යුතු ක්ෂේත්‍ර හදුනා ගැනීම සඳහා සමීක්ෂණයක් සංචාරක නිෂ්පාදන සංවර්ධනය සඳහා වෙනම අංශයක් , අඩු පැමිණීමක් සහිත සංචාරක කාලසීමාවේදී සහ හිඩැස් පිරවීම සඳහා සුවිශේෂී ප්‍රවර්ධන වැඩසටහන් , ශ්‍රී ලංකාව ක්‍රීඩා සංචාරක ගමනාන්තයක් ලෙස ප්‍රවර්ධනය කිරීම , ආබාධ සහිත සංචාරකයින් ශ්‍රි ලංකාවට ආකර්ශනය කර ගැනීම සඳහා අවශ්‍ය මානව සම්පත් සංවර්ධනය ඇතුළු වැඩසටහන් රැසක් ඒ තුළින් යෝජනා කර තිබුණා.

මේවා ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන බවයි දෙමෝදර පැවති ජන හමුවකදී නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය රුවන් රණසිංහ මහතා ප්‍රකාශ කළේ.

COMMENTS