දුම්රියක් පිට පනී – උඩරට දුම්රිය ගමනා ගමනයට බාධා
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ධාවනය වු 1007 මගී ප්රවාහන දුම්රිය පීලි පැනීම හේතුවෙන් උඩරට දුම්රිය ධාවනයට බාධා පැමිණ ඇති බව නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පවසනවා.
මෙම පිලි පැනිම සිදු වි ඇත්තේ අද (02) පස්වරු 3.15ට පමණ නාවලපිටිය ඉගුරුඔය සහ ගලබඩ දුම්රිය ස්ථාන දෙක අතර පෙන්රොස් දුම්රිය ස්ථානය ආසන්නයේ දී.
පීලි පැනීමට ලක් වු දුම්රිය පීලිගත කරන තෙක් බදුල්ල සිට කොළඹ දක්වා ධාවනය කරන දුම්රියන් හැටන් දුම්රිය ස්ථානය දක්වාත් කොළඹ සහ මහනුවර සිට බදුල්ල දක්වා ධාවනය කරන දුම්රියන් නාවලපිටිය දුම්රිය ස්ථානය දක්වා ධාවනය කරන බවයි දුම්රිය පාලක මැදිරියේ නිලධාරියෙකු කියා සිටියේ.
බදුල්ල සිට කොළඹ දක්වා ධාවනය වු පොඩි මැණිකේ දුම්රිය වටවල දුම්රිය ස්ථානයේ නතර කර ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
පීලි පැනීමට ලක් වු දුම්රිය කඩිනමින් පීලිගත කරන බවයි එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.