නායයාමේ අනතුරු ඇඟවීම් නිකුත් කෙරේ

නායයාමේ අනතුරු ඇඟවීම් නිකුත් කෙරේ

පවතින අධික වර්ෂාව සමඟ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නායයාමේ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව මෙම අනතුරු ඇඟවීමේ නිවේදනය අද (02) 4:00 සිට (03) දින 4:00 දක්වා බලත්මකයි .

ඒ අනුව අනතුරු ඇඟවීමේ මට්ටම 1 ලෙස, බදුල්ල දිස්ත්‍රික්කයේ, බදුල්ල, හාලි ඇල, මීගහකිවුල, බණ්ඩාරවෙල සහ පස්සර, ප්‍රදේශයන්ද මහනුවර දිස්ත්‍රික්කයේ, පස්බාගේ කෝරලේ, පාතහෙහාවහැට, පාතදුම්බර, මහනුවර සිව් සොහොන් හෝ ගංගාවට කෝරළය, දොළුව, හතරලියද්ද, ගංගා ඉහල කෝරලේ, යටිනුවර, පූජාපිටිය, උඩුදුම්බර, මැදදුම්බර, උඩපළාත, දෙල්තොට, උඩුනුවර, පන්විල, හාරිස්පත්තුව, අකුරණ සහ තුම්පනේ ප්‍රදේශයන්ද කෑගල්ල දිස්ත්‍රික්කයේ,අරණායක, කෑගල්ල, බුලත්කොහුපිටිය, මාවනැල්ල, යටියන්තොට සහ රුවන්වැල්ල ප්‍රදේශයන් නම් කර තිබෙන බවයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසන්නේ.

එමෙන්ම කුරුණෑගල දිස්ත්‍රික්කයේ, රිදීගම ප්‍රදේශයද මාතලේ දිස්ත්‍රික්කයේ,ලග්ගල පල්ලේගම, පල්ලේපොල, විල්ගමුව, මාතලේ, උකුවෙල, රත්තොට, නාඋල, යටවත්ත සහ අඹන්ගඟ කෝරළය ප්‍රදේශයන්ද නුවරඑළිය දිස්ත්‍රික්කයේ, කොත්මලේ, හඟුරන්කෙත සහ වලපනේ යන ප්‍රදේශයන් සඳහාද නායයාමේ අනතුරු නිවේදන නිකුත් කර තිබෙනවා.

COMMENTS