පාපන්දු තරඟයක් කෙළවර වුණ හැටි
ගිනියාවේ දෙවන විශාලතම නගරය වන ඇන්සරිකෝ හි පැවති පාපන්දු තරඟයකදී රසිකයින් අතර ඇති වූ ගැටුමකින් 100 දෙනෙක් පමණ මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
කෙසේ නමුත් අදාළ ගැටුම හටගත්තේ කුමන හේතුවක් මතද යන්න අනාවරණයවී නැති බවයි සඳහන් වන්නේ
ඇන්සරිකෝ හි රෝහල්වල මෘත ශරීරාගාරය එම මෘත ශරීර වලින් පිරී ඇති බව සදහන් .
මෙම ගැටුමෙන් තවත් විශාල පිරිසක් තුවාල ලබා ඇති බවද සඳහන්.
පාපන්දු තරගයේ විනිසුරුගේ තීරණයකින් පසු රසිකයින් පිටිය ආක්‍රමණය කිරීමත් සමඟ මෙම ගැටුම ආරම්භ වීඇති බවට වාර්තා වනවා.