ඉන්දියාව සහ බංග්ලාදේශය අතර ගැටුම්කාරී තත්ත්වයක්
හින්දු භික්ෂුවක් අත්අඩංගුවට ගැනීමත් සමග ඉන්දියාව හා බංග්ලාදේශය අතර ගැටුම්කාරී තත්ත්වයක් නිර්මාණය වී තිබෙනවා.
බංග්ලාදේශයේ ජීවත් වන සුළුතර හින්දු ප්‍රජාවට අයුතු ලෙස සැලකීම සම්බන්ධයෙන් මේ වන විට විරෝධතා මතුව තිබෙනවා.
හිටපු අගමැතිනි ෂීක් හසීනා බංග්ලාදේශයෙන් පසුගිය අගෝස්තු මාසයේ පලා යාමෙන් පසුවයි මෙම තතත්ත්වයේ වර්ධනයක් දක්නට ලැබුනේ.
ඒ හේතුවෙන් දෙරට අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා ද පළුදු වීමකට ලක්වුණා.
මෙහි උණුසුම තවත් වැඩි කිරීමට හේතු වුනේ හින්දු භික්ෂුවක් පසුගිය සතියේ බංග්ලාදේශයේදී අත්අඩංගුවට පත්වීමයි.
මිට විරෝධය පළ කරමින් දහස් ගනනක් ඊසානදිග අගර්තාලා හි බංග්ලාදේශ කොන්සල් කාර්යාලයට බලහත්කාරයෙන් ඇතුළු වී එය විනාශ කිරීමට කටයුතු කළා.
මීට ප්‍රතිචාර දක්වමින් ඉන්දීය විදේශ අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ තම රට තුළ බංග්ලාදේශයේ රාජ්‍යතාන්ත්‍රික ගොඩනැගිලි සඳහා ආරක්ෂාව තර කර ඇති බවයි.
සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයින් හත් දෙනෙකු ද පොලිස් අත්අඩංගුවට පත්වුණා.