මහවිරු සැමරුමක් ගැන කළ ප්‍රචාර බොරු – මහජන ආරක්ෂක ඇමති
පසුගිය දිනවල උතුරේ මහවිරු සැමරුම් පැවැත්වූ බවට සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කර ඇත්තේ අසත්‍ය තොරතුරු බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසනවා.
දේශපාලන අරමුණු වෙනුවෙන් ඇතැම් පිරිස් ජාතිවාදය පැතිරවීමට දරණ සියලු උත්සහයන් පරාජය කරන බව අමාත්‍යවරයා අද පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් කරමින් සඳහන් කළා.