ශ්‍රී ලාංකික කාන්තා ව්‍යවසායකයින්ට විශේෂ වැඩසටහනක්
ශ්‍රී ලාංකීය කාන්තා ව්‍යවසායකයින් සඳහා එක්සත් රාජධානියේ අපනයන වෙළඳපොළට දොරටු විවර කිරීමේ අරමුණින් විශේෂ වැඩසටහනක් පසුගිය දා (02) කොළඹ දී පවත්වා තිබෙනවා .
මේ යටතේ ශ්‍රී ලාංකික කාන්තා ව්‍යවසායකයින් 50 දෙනෙකුට වැඩි පිරිසකට එක්සත් රාජධානියේ සමාගම් සමඟ සම්බන්ධ වී අපනයන වෙළඳපොළට ප්‍රවේශ කිරීමට උපකාර කරන බවයි සඳහන් වන්නේ .
ශ්‍රී ලාංකීය කාන්තා ව්‍යවසායකයින්ට එක්සත් රාජධානියේ වෙළඳපල වෙත සෘජු ප්‍රවේශයක් ලබා දීම, ඔවුන්ගේ ව්‍යාපාර වර්ධනය සහ ජාත්‍යන්තර වෙළෙඳපොළ සඳහා ඇති අවස්ථා වැඩි දියුණු කිරීම ද මෙහි අරමුණ වී තිබෙනවා .
රෙදිපිළි සහ ඇඟලුම් සහ අගය එකතු කළ කෘෂිකාර්මික නිෂ්පාදන වැනි අංශ කෙරෙහි අවධානය යොමු කර ඇති මෙම වැඩසටහන ශ්‍රී ලාංකික කාන්තා ව්‍යවසායකයින් සහ එක්සත් රාජධානියේ සමාගම් සම්බන්ධ කරමින් ව්‍යාපාරික කටයුතු සඳහා පහසුකම් සපයනවා .
ශ්‍රී ලංකාව සහ එක්සත් රාජධානිය අතර ද්විපාර්ශ්වික ආර්ථික සබඳතා ශක්තිමත් කිරීමේ අරමුණින් මෙම වැඩසටහන ජාත්‍යන්තර වෙළඳ මධ්‍යස්ථානය (ITC) සහ ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) විසින් සංවිධානය කළ බවයි සඳහන් වන්නේ .