උත්සව සමයේ විශේෂ වැටලීම් සඳහා PHI වරු වැඩට බසී
එළඹෙන උත්සව සමයේදී විශේෂ වැටලීම් සිදු කිරීමට දිවයින පුරා නිලධාරින් 2000ක් යොදවා ඇතැයි මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමය පවසයි.
එහි ලේකම් චමිල් මුතුකුඩ මහතා සඳහන් කළේ, එම වැටලීම්වලදී ආපන ශාලා සහ පිසූ ආහාර පරීක්ෂා කිරීම ප්‍රධාන වශයෙන් සිදු කරන බවයි.
පැවති වර්ෂාධික කාලගුණයත් සමග ආහාර පාන ආශ්රිත පිරිසිදුභාවය පිළිබඳ ගැටලු රැසක් පැනනැගී ඇති බවත් ඒ හේතුවෙන් බෝවන රෝග කිහිපයක්ද අනාවරණය වී ඇති බවත් ඔහු සඳහන් කළේ ය