පාර් ලිමේන්තු මැති – ඇමතිවරුන්ගේ ආරක්ෂාව ගැන තක්සේරු ලබා ගැනීම ඇරඹේ
පාර්ලිමේන්තු මැති – ඇමතිවරුන්ට දිය යුතු ආරක්ෂාව සම්බන්ධයෙන් තක්සේරුවක් ලබාගැනීම ආරම්භ කර ඇතැයි, පොලීසිය පවසයි.
වැඩබලන පොලිස්පති නීතිඥ ප්රියන්ත වීරසුරිය මහතා සඳහන් කළේ, ඇතැම් මන්ත්රීවරුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ගැටලු මතුව ඇති බවයි.
ඇතැම් මැති – ඇමතිවරුන්ට තර්ජන එල්ල වීම සම්බන්ධයෙන් ද, තොරතුරු වාර්තා වී තිබේ.
ඒ අනුව සියලු කරුණු විමසා බලා, ලබා දිය යුතු ආරක්ෂාව සම්බන්ධයෙන් තීරණය කරන බව, වැඩබලන පොලිස්පතිවරයා සඳහන් කළේ ය.