දකුණු කොරියා පොලිසිය එරට ජනාධිපති කාර් යාලය වටලයි

දකුණු කොරියා පොලිසිය එරට ජනාධිපති කාර්යාලය වටලා තිබෙනවා.
පසුගිය සතියේ ජනාධිපති යූන් රට තුළ යුද නීතිය පැනවීමට ගත් උත්සාහයෙන් පසුව පොලිසිය ජනාධිපති කාර්යාලය වටලා තිබෙනවා.
ඒ ජනාධිපතිවරයා කුමන්ත්රණය කළ බවට චෝදනා කරමින්.
ජනාධිපතිවරයා හා ඔහුගේ හිතවතුන් ගණනාවකට කැරලි ගැසීමේ චෝදනා එල්ල වී තිබෙනවා.
එමෙන්ම ජනාධිපතිවරයා ඇතුළු කිහිප දෙනෙකුට සංචාරක තහනමක් ද පනවා තිබෙනවා.
කෙසේ වෙතත් ජනාධිපති යූන් යුද නිතිය පැනවීමට ගත් උත්සාහය පිළිබඳ සමාව අයැද තිබුණා.