බිහිසුණු අනතුරක්

බිහිසුණු අනතුරක්

කල්පිටිය – පාලවිය ප්‍රධාන මාර්ගයේ සේතාපොල ප්‍රදේශයේ ඊයේ රාත්‍රියේ සිදු වූ රිය අනතුරකින් තරුණයින් දෙදෙනෙක් මිය ගොස් තිබෙනවා.

මෙම අනතුරින් තවත් අයෙක් බරපතළ තුවාල ලබා ඇති බවයි නොරොච්චෝලේ පොලීසිය සඳහන් කළේ.

නොරොච්චෝලේ සිට මුන්දලම බලා ධාවනය වූ ලොරි රථයක පාලවිය දෙස සිට නොරොච්චෝලේ දෙසට ධාවනය වූ යතුරුපැදියක් මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා.

අනතුර සිදුවන අවස්ථාවේ දී යතුරුපැදියේ තරුණයින් තිදෙන‍ෙක් ගමන්කර ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

මොවුන් තිදෙනා බරපතළ තත්ත්වයෙන් පුත්තලම මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර, එලෙස ඇතුළත් කරන අවස්ථාව වන විටත තරුණයින් දෙදෙනෙක් මියගොස් සිට ඇති බවයි වාර්තා වුණේ.

මියගිය තරුණයින් දෙදෙනා වයස අවුරුදු 27 සහ 28 යන වයස්වල පසුවන්නන්.

COMMENTS