අධ්‍යාපන සුදුසුකම් ඔප්පු කිරීමට බැරි මන්ත්‍රීවරු වහා ඉල්ලා අස්විය යුතුයි – නාමල්

අධ්‍යාපන සුදුසුකම් ඔප්පු කිරීමට බැරි මන්ත්‍රීවරු වහා ඉල්ලා අස්විය යුතුයි – නාමල්

තවදුරටත් චෝදනා එල්ල වන ආණ්ඩුවේ අනෙකුත් මන්ත්‍රීවරුන් තමන් සමාජගත කර ඇති අධ්‍යාපන සුදුසුකම් ඔප්පු කිරීමට අපොහොසත් වන්නේ නම්, වහාම ඉල්ලා අස්විය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ මහතා පවසයි.

එක්ස් පණිවිඩයක් නිකුත් කරමින්, ඔහු පවසන්නේ කථානායක අශෝක රංවල මහතා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇතැයි, පැවසෙන ව්‍යාජ අධ්‍යාපන සුදුසුකම් පිළිබඳ සමාජ විරෝධය හේතුවෙන් ඔහු සිය ධුරයෙන් ඉල්ලා අස්වීම ප්‍රශංසනීය බවයි.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සුපිරිසිදු පාර්ලිමේන්තුවක් පවත්වාගෙන යාමේ දර්ශනයට විරුද්ධව එම පක්ෂයේ ඇතැමුන් තම අධ්‍යාපන සුදුසුකම් පිළිබඳ ජනතාව නොමග යවා තිබීම අතිශය කණගාටුදායක බවද, නාමල් රාජපක්ෂ මහතා සිය එක්ස් පණිවිඩයෙන් පෙන්වා දී තිබේ.

COMMENTS