තේ කර් මාන්තයට නව තාක්ෂණය සහ පරිසර හිතකාමී පොහොර හඳුන්වා දීමට පියවර
තේ වගාවන් සඳහා අගය එකතු කළ පොහොර භාවිතය සහ නව තාක්ෂණික ක්‍රමවේද පිළිබඳව ඉතා ඵලදායී සාකච්ඡාවක් පෙරේදා (16) දින සමන්ත විද්‍යාරත්න අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ දී පවත්වා තිබෙනවා.
මෙම සාකච්ඡාව සඳහා ශ්‍රී ලංකා ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරුන් සහ Agri Farm Elevators ආයතනයේ පර්යේෂණ කණ්ඩායම සහභාගි වුණා.
සාකච්ඡාවේ මූලික අරමුණ වූයේ නව තාක්ෂණික විසඳුම් හඳුන්වාදීම මඟින් තේ කර්මාන්තයේ නිෂ්පාදන ගුණාත්මකභාවය සහ පරිසර හිතකාමී පොහොර භාවිතය වර්ධනය කිරීම යන කරුණු තහවුරු කිරීමයි.