Galle Marvels හිමිකරුට ඇප

Galle Marvels හිමිකරුට ඇප

බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩකයෙකුට තරඟ පාවාදීම සඳහා යෝජනා කළේ යැයි සැකපිට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි ගෝල් මාවල්ස් කණ්ඩායමේ හිමිකරු වූ ඉන්දීය ජාතික ප්‍රේම් තකාර් නැමැත්තා ඇපමත මුදාහැරුණා.

පල්ලේකැලේ පැවති ලංකා T10 ක්‍රීකට් තරගාවලියේදී ඔහු මෙම වරද සිදුකර ඇති බවටයි චෝදනා එල්ලවන්නේ.

මෙම පැමිණිල්ල කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඉදිරියේ අද (20) කැඳවනු ලැබුවා.

තම සේවා දායකයා ඇපමත මුදාහරින ලෙස සැකකරුගේ නීතීඥවරුන් ඉල්ලා සිටියා.

එහිදී පැමිණිල්ලේ ජ්‍යෙෂ්ඨ නීතීඥවරයා සඳහන් කළේ මෙම සැකකරු ශ්‍රී ලංකාව තුළ රඳවා ගත හැකි වන ආකාරයේ සුදුසු නියෝගයක් ලබා දෙන ලෙසයි.

ඒ අනුව අදාළ සැකකරු රුපියල් ලක්ෂ පහක මුදල් අප සහ රුපියල් ලක්ෂ පනහ බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියෝග කෙරුණා.

විදේශගත වීම තහනම් කරමින් නියෝගයක්ද නිකුත් කළා.

සෑම බදාදාවකම ක්‍රීඩා දූෂණ විමර්ශන පොලිස් ඒකකය හමුවේ පෙනී සිටිය යුතු බවට තවත් ඇප කොන්දේසියක් පනවනු ලැබුවා.

පැමිණිල්ල යළිත් ජනවාරි මස 27 වනදා කැඳවීමටද නියම වුණා.

COMMENTS