අමෙරිකානු ආණ්ඩුව තාවකාලිකව වසා දැමීමේ අවධානමක

අමෙරිකානු ආණ්ඩුව තාවකාලිකව වසා දැමීමේ අවධානමක

ඉදිරි මාස තුනක කාලයක් සඳහා ෆෙඩරල් වියදම්වලට අදාළ යෝජනාව අමෙරිකානු නියෝජිත මන්ත්‍රී මණ්ඩලය විසින් පරාජය කිරීමෙන් අනතුරුව අමෙරිකානු ආණ්ඩුව තාවකාලිකව වසා දැමීමේ අවධානමකට ලක්ව තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා.

අදාළ වියදම් යෝජනාව තේරී පත් වූ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මූලිකත්වයෙන් ඉදිරිපත් වූ ට්‍රම්ප් නියෝජනය කරන රිපබ්ලිකන් පක්ෂය සහ ඩිමක්‍රොටික් පක්ෂය අතර ඒ සම්බන්ධයෙන් මූලික එකඟතාවක් ද පැවතියත් ඊයේ පැවැති ඡන්ද විමසීමෙන් එය පරාජ වී තිබෙනවා.

ඒ අනුව මෙම අවදානම මතුව තිබෙන අතර, අදාළ යෝජනාව මගින් අමෙරිකානු ණය සීමා වසර පහක් දක්වා අත්හිටුවීම, සහන සේවා සඳහා අමෙරිකානු ඩොලර් බිලියන 110ක අතිරේක මුදලක් වෙන් කිරීම ඇතුළු කරුණු ඉදිරිපත් කර තිබුණා.

ඒ අනුව අමෙරිකානු ආණ්ඩුව වසා දැමීමේ අර්බුදය උද්ගතව ඇත්තේ, අද (20) දිනය වන විට අමෙරිකානු ෆෙඩරල් වියදම් අවසන් වන බැවින්.

එහෙයින් ඊට ප්‍රථම වෙනත් යෝජනාවක් සම්මත නොවුණහොත් අමෙරිකානු ආණ්ඩුවේ කටයුතු තාවකාලිකව අත්හිටුවීමට සිදුවන අතර මීට පෙර 2018 – 2019 කාලයේ දී දින 35ක කාලයක් ආණ්ඩුවේ කටයුතු තාවකාලිකව නවතා දමා තිබුණා.

මේ ආකාරයෙන් ආණ්ඩුවක් තාවකාලිකව වසා දැමීමට සිදු වුවහොත් අත්‍යවශ්‍ය නොවන සේවාවල සේවකයින්ට නිවාඩු ලබා දෙන අතර, අත්‍යවශ්‍ය සේවාවන්වල නිරත වන අය සඳහා ඔවුන්ගේ සේවාවන්වල නිරත විය හැකි නමුත් අදාළ කාලය තුළ දී ඊට අදාට ගෙවීම් සිදු වන්නේ නැහැ.

කෙසේ නමුත් ආණ්ඩුව තාවකාලිකව අත්හිටුවීමේ ක්‍රියාවලියක දී කිසිදු අයුරකින් රටේ ආරක්ෂක සේවා ඇතුළු අත්‍යවශ්‍ය සේවාවන්වල බිඳ වැටීමක් සිදු වන්නේ නැහැ.

https://bitlyv.com/wqZ7n

COMMENTS