පිරිවෙන් සාමාන්‍ය පෙළ විභාගයට අයදුම්පත් කැඳවයි
2025 මාර් තු මාසයේදී පැවැත්වීමට නියමිත “පිරිවෙන් සාමාන්‍ය පෙළ විභාගය – 2024 (2025)” සඳහා මාර්ගගතව අයදුම්පත් කැඳවා තිබෙනවා .
විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, උක්ත විභාගය සඳහා අයදුම්පත් ඉදිරිපත් කළ හැකි අධ්‍යාපන අමාත්‍යාංශයේ ලියාපදිංචි මූලික පිරිවෙන්, මහ පිරිවෙන්, බෞද්ධ සීලමාතා අධ්‍යාපන ආයතන හා විශේෂ පිරිවෙන්වලට අදාළ පරිශීලක නාම හා මුරපද මේ වන විට නිකුත් කර ඇති බවයි .
පරිශීලක නාම හා මුරපද නොලද ලියාපදිංචි පිරිවෙන් වේ නම්, ඒ පිළිබඳව අධ්‍යපන අමාත්‍යාංශයේ පිරිවෙන් අධ්‍යාපන අංශයෙන් විමසිය යුතු වෙනවා .
අයදුම්පත සම්පූර්ණ කිරීම සඳහා ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ, නිල වෙබ් අඩවිය https://donenets.lk වෙත පිවිස ” අපගේ සේවා” යටතේ ඇති “Piriven Exam Information Center” මත Click කිරීම මඟින් හෝ,
- https://onlineexams.gov.lk/eic/index.php/piriven වෙත පිවිසිය හැකි වෙනවා .
මාර්ගගත අයදුම්පත් ඉදිරිපත් කිරීම පිළිබඳ උපදෙස් ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තු වෙබ් අඩවියේ පළ කර තිබෙනවා .
මාර්ගගත අයදුම්පත් භාරගැනීම 2024 දෙසැම්බර් මස 20 දින පෙ.ව. 9.00ට ආරම්භ වන අතර 2025 ජනවාරි මස 15 දින ප.ව. 9.00ට අවසන් වෙනවා .