පොහොට්ටුවේ නව ජාතික කැඳවුම්කරු ඩී වී චානක

පොහොට්ටුවේ නව ජාතික කැඳවුම්කරු ඩී වී චානක

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නව ජාතික කැඳවුම්කරු ලෙස ඩී. වී. චානක මන්ත්‍රීවරයා තෝරාගෙන ඇති බව වාර්තා වෙනවා .

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ විජේරාම නිවසේ අද (20) පැවති රැස්වීමකදීයි චානක මහතාව එම තනතුර සඳහා තෝරාගෙන තිබෙන්නේ .

මේ අතර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට නව ග්‍රාමීය නායකයින් සහ කොට්ඨාස නායකයින් පත්කිරීමේ සංවිධාන කටයුතු භාර දී තිබෙනවා .

COMMENTS