යාචකයින් හා නිවෙස් නොමැති පුද්ගලයින් පිළිබඳ සංගණනයක්
මෙරට යාචකයින් හා නිවෙස් නොමැතිව වීදිවල ජීවත් වන පුද්ගලයින් පිළිබඳ සංගණනයක් පසුගියදා සිදු කළ බව ජන ලේඛන සහ සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව පවසයි.
ඒ ජන හා නිවාස සංගණනයට සමාගාමීවයි.
මේ අතර සංගණන තොරතුරු නැවත පරික්ෂා කිරීම සඳහා සංගණන සංශෝධිත වටය මේ දිනවල ක්‍රියාත්මක වන බව ජන ලේඛණ හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් අනෝජා සේනෙවිරත්න මහත්මිය පැවසුවා ය.
මේ දක්වා තොරතුරු ලබාගැනීම සඳහා නිවෙස් වෙත සංගනන නිලධාරී පැමිණ නොමැති නම් ඒ පිළිබඳව 1901 කෙටි දුරකතන අංකයෙන් දැනුම්දෙන ලෙසද අධ්යක්ෂ ජනරාල්වරිය වැඩිදුරටත් පැවසුවා ය.