මැතිවරණයට වියදම් වාර් තා නොදුන් අයගේ නම් පොලිස් දෙපාර්තමේන්තුවට
මහමැතිවරණයට අදාළව මේ දක්වාත් වියදම් වාර්තා ලබා නොදුන් අපේක්ෂකයින්ගේ නම් පොලිස් දෙපාර්තමේන්තුව වෙත ලබා දීමට සැලසුම් කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
එම කොමිෂන් සභාව පැවසුවේ මේ වන විටත් ජනාධිපතිවරණයේ සහ ඇල්පිටිය ප්රාදේශීය සභා මැතිවරණයේ වියදම් වාර්තා ලබා නොදුන් අපේක්ෂකයින්ගේ නම් පොලිසියට ලබා දී ඇති අතර ඊට අදාළ නීතිමය ක්රියාමාර්ග ගෙන ඇති බවය.
ඒ අනුව මහමැතිවරණයේ ආදායම් වියදම් වාර්තා ලබා දෙන ලෙස සිදුකළ දැනුම් දීමට අනුව එලෙස වාර්තා ඉදිරිපත් කළ අපේක්ෂකයින්ගේ නම් ලැයිස්තු මේ වන විට දිස්ත්රික් ලේකම් කාර්යාල සහ මැතිවරණ කාර්යාල වල ප්රදර්ශනය කර තිබේ.
මෙම තත්වය හමුවේ වියදම් වාර්තා ලබා නොදුන් අපේක්ෂකයින්ගේ ලැයිස්තුවක් පොලිස් දෙපාර්තමේන්තුවට ලබා දීමට පියවර ගන්නා බවද මැතිවරණ කොමිෂන් සභාව සදහන් කළේය.