කොටස් වෙළෙඳපොළෙන් ඉතිහාසගත වාර් තාවක්
මෙම සතිය ආරම්භයේදීම කොළඹ කොටස් වෙළෙදපොල ඉතිහාසයේ පළමු වතාවට සියලු කොටස් මිල දර්ශකය ඒකක 15,000 පසුකර තිබෙනවා.
කොටස් වෙළෙදපොලේ පිරිවැටුම ද රුපියල් බිලියන 8.44 ඉක්මවා ඇති බව කොටස් වෙළෙදපොල විධායක නිලධාරිනී ශ්රීමා ප්රනාන්දු මහත්මිය පවසනවා.
කොළඹ කොටස් වෙළදපොළ සියලු කොටස් මිල දර්ශකය අද දිනය අවසානයේ සටහන් වුයේ ඒකක 13,511.73ක් ලෙසයි.
ඊයේ දිනයට සාපේක්ෂව ඒකක 209.91කින් අද එය ඉහළ ගියා.
එමෙන්ම එස් ඇන්ඩ් පී එස් එල් ටුවෙන්ටි (S&P SL20) දර්ශකය ද ඒකක 77.63 ක ඉහළ යාමක් පෙන්නුම් කළ අතර දිනය අවසානයේ දී එහි අගය සටහන් වුයේ ඒකක 4,498.42ක් ලෙසයි.
මේ අතර අද දිනයේ සමස්ත පිරිවැටුම සටහන් වුනේ බිලියන 8.4ක් ලෙසයි.