ඉර ළඟට යන නාසා
ඉතිහාසයේ පළමු වතාවට අභ්‍යවකාශයානයක් සූර්යාගේ ඉතා ආසන්නයට ළඟා කරවිම සඳහා නාසා ආයතනය සිය මෙහෙයුම් ආරම්භ කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
සූර්යාගේ වැඩිම ආසන්න දුර ප්‍රමාණයට ගමන් කර වාර්තාවක් පිහිටුවීමයි නාසා ආයතනයේ සැලසුම් වී ඇත්තේ.
පරීක්ෂණය සඳහා පාකර් සූර්ය ගවේෂණ අභ්‍යවකාශයානය යොදා ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ.
යානයට අධික උෂ්ණත්වයක් හා විකිරණශීල්තවයක් කොතරම් දුර ප්‍රමාණයක් තුළ දරා ගැනීමේ හැකියාවක් පවතින්නේ ද යන්න මෙහිදී අනාවරණය වනු ඇති.
කෙසේ වෙතත් පසුගිය දින කිහිපයක සිට පාකර්යානය පෘථිවිය සමග පවත්නා සන්නිවේදන සබඳතා ඇණහිට ඇති බවයි නාසා ආයතනය නිවේදනය කළේ.
එම යානයෙන් දෙසැම්බර් 27 වනදා සංඥාවක් ලැබීමට නියමිත අතර එය සාර්ථකව ලැබුණහොත් යානය ගමන් කළ සමීපතම දුර සම්බන්ධයෙන් කරුණු අනාවරණය වනු ඇති.
මෙම පරීක්ෂණය හරහා සුර්යාගේ හැසිරීම සම්බන්ධයෙන් නව කරුණු රැසක් අනාවරණය කර ගැනීමට හැකිවනු ඇති බවයි නාසා ආයතනය සඳහන් කරන්නේ.