උත්සව සමයේ මහජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් විශේෂ වැඩ පිළිවෙලක්
උත්සව සමය වෙනුවෙන් මහජනතාවගේ ආරක්ෂාව සඳහා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් අදත්(24) ක්‍රියාත්මකයි.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග මහතා සඳහන් කළේ, කොළඹ නගරයේ ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් 6500ක් යොදවා ඇති බවයි.
සිවිල් ඇඳුමින් පොලිස් නිලධාරීන් 600ක් පමණ යොදවා තිබේ.
මේ අතර දිවයිනේ අනෙකුත් නගරවල ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් 45,000ක් යොදවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය.