ශ්‍රී ලංකා – නවසීලන්ත T20 තරඟාවලිය හෙට ඇරඹෙයි

ශ්‍රී ලංකා – නවසීලන්ත T20 තරඟාවලිය හෙට ඇරඹෙයි

සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර සීමිත පන්දුවාර තරගාවලියේ තරග 3කින් යුත් විස්සයි විස්ස තරගාවලිය හෙට (28) මවුන්ට් මවුන්ගනි හි බේ ඕවල් ක්‍රීඩාංගණයේදී ඇරැඹීමට නියමිතයි.

මවුන්ට් මවුන්ගනි හි බේ ඕවල් ක්‍රීඩාංගනයේදී මෙම තරගය ආරම්භ වීමට නියමිතව ඇත්තේ ශ්‍රී ලංකා වේලාවෙන් පෙරවරු 11.45ටයි.

2016 වසරෙන් පසු මෙම ක්‍රිඩාංගනයේදී ශ්‍රී ලංකාව නවසීලන්තය සමග විස්සයි විස්ස තරගයකට එක්වී නැහැ.

කෙසේ වුවද බේ ඕවල් තණතීරුව වේගපන්දු හා දගපන්දු යවන්නන්ට උචිත මට්ටමක පවතින බවයි වාර්තා වන්නේ.

ශ්‍රී ලංකාව නවසීලන්තයේදී විස්සයි විස්ස තරගාවලි ජයග්‍රහණයක් අත්කරගෙන නොමැති බැවින් මෙම තරගාවලිය ශ්‍රී ලංකාවට වැදගත් වනවා.

එමෙන්ම මෙම තරගාවලියේදී පූර්ණ ජයග්‍රහණයක් හිමිකර ගැනීමට ශ්‍රී ලංකාවට හැකිවුවහොත් විස්සයි විස්ස ශ්‍රේණිගත කිරීම්වලින් ශ්‍රී ලංකාවට තවදුරටත් ඉදිරියට යාමට අවස්ථාව උදාවනවා.

එමෙන්ම මෙම සංචාරයේදී වනිදු හසරංග කඩුළු තුනක් බිද හෙළුව හොත් ඔහුට විස්සයි විස්ස පන්දු යවන්නන් අතර හය වන ස්ථානයට පැමිණිය හැකියි.

ඔහු මේ වන විට කඩුළු ලාභීන් අතර අටවන ස්ථානයේ පසුවනවා.

තරගාවලියේ දෙවැනි විස්සයි විස්ස තරගය 30 වැනිදා පැවැත්වීමෙන් අනතුරුව අවසන් විස්සයි විස්ස තරගය පැවැත්වෙන්නේ එළැඹෙන වසරේ ජනවාරි 2 වැනිදා.

COMMENTS