යෝෂිත රාජපක්ෂට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවෙන් කැඳවීමක්

යෝෂිත රාජපක්ෂට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවෙන් කැඳවීමක්

අයතා වත්කම් උපයාගැනීමට අදාළ සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂක නිලධාරියා වන මේජර් නෙවිල් වන්නිආරච්චි මහතාගෙන් ද අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ ප්‍රශ්න කළා.

පැය 04 ක කාලයක් ඒ මහතාගෙන් ප්‍රශ්න කිරීමටයි අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබුණේ.

මීට පෙරඅවස්ථා දෙකකදීම ඔහුට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබුණ ද ඔහු එම අවස්ථාවල අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ තිබුණේ නැහැ.

එමෙන්ම යෝෂිත රාජපක්ෂ මහතාට ද ලබන ජනවාරි 03 වනදා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබෙනවා.

අයතා ලෙස වත්කම් ඉපැයීමේ චෝදනා මත ප්‍රකාශ ලබාගැනීම සදහා පැමිණෙන ලෙසයි ඔහුට ද අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව දැනුම් දී තිබෙන්නේ.

COMMENTS