චීනය තම නවතම ප්‍රහාරක නෞකාව දියත් කරයි
චීනය තම නවතම ප්‍රහාරක නෞකාව දියත් කර තිබෙනවා.
නිරිතදිග චීන පළාතක් නමින් සිචුවාන් ලෙස නම් කරන ලද මෙම නෞකාව, චීනයම ස්වාධීනව සංවර්ධනය කරන ලද්දක්.
076 වර්ගයේ ප්‍රහාරක නෞකාව සිකුරාදා ෂැංහයි හි නැව් අංගනයක පැවති දියත් කිරීමේ උත්සවයකදී ජලයට ඇතුළු වූ බව චීන මහජන විමුක්ති හමුදා නාවික හමුදාව නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරනවා.
නාවික හමුදාවේ පරිවර්තනය ඉදිරියට ගෙන යාම සහ එහි දිගු දුර මෙහෙයුම් හැකියාවන් වැඩි දියුණු කිරීම සඳහා මෙය ප්‍රධාන වන බවයි වාර්තා වන්නේ.
ෙගුවන් යානා පියාසැරි තට්ටුවක් සහිත මෙම ප්‍රහාරක නෞකාව ටොන් 40,000 කට වඩා සම්පූර්ණ බරක් සහිත අතර, ලොව විශාලතම උභයජීවී ප්‍රහාරක නැව් අතරට ශ්‍රේණිගත කර තිබෙනවා.