දකුණු කොරියාවේ සිදු වූ ගුවන් අනතුරෙන් මියගිය සංඛ්‍යාව ඉහළට
දකුණු කොරියාවේදී සිදුවූ ගුවන් අනතුරකින් ගුවන් මගීන් 47 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
තායිලන්තයේ බැංකොක් අගනුවර සිට දකුණු කොරියාවේ මුවාන් ගුවන් තොටුපල වෙත පැමිණි ගුවන් යානයකුයි මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ.
ගුවන් යානය ගොඩබෑමේදී ධාවන පථයෙන් ඉවතට පැන තාප්පයක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා.
මගීන් 175 දෙනෙකු හා කාර්ය මණ්ඩල 6 දෙනෙකු අතුළුව 181 දෙනෙකු එම ගුවන් යානයේ ගමන් කර ඇති බවයි දකුණු කොරියා මාධ්‍ය සඳහන් කරන්නේ.
අනතුරට පත්වූ ගුවන් යානය තාප්පයේ ගැටීමෙන් අනතුරුව ගිනි ගැනීමට ලක්ව ඇති අතර එහි ඇතුළත සිටින මගීන් බේරා ගැනීමේ මෙහෙයුම් මේ වනවිටත් ක්‍රියාත්මකයි.
මගීන් දෙදෙනෙකු බේරා ගැනීමට මේ වනවිට සමත්ව ඇති බවද රොයිටර් පුවත් සේවය සඳහන් කරනවා.