ආරක්ෂක ලේකම්වරයා දුන් පොරොන්දුව

ආරක්ෂක ලේකම්වරයා දුන් පොරොන්දුව

දේශයේ ආරක්ෂාව උදෙසා වත්මන් ගෝලීය ආරක්ෂක අභියෝගවලට සාර් ථකව මුහුණ දිය හැකි ත්‍රිවිධ හමුදාවක් සවිබල ගැන්වීමට උපරිම ලෙස කැපවන බව ආරක්ෂක ලේකම්වරයා පවසනවා.

ආරක්ෂක ලේකම් විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා මහතා මේ බව කියා සිටියේ ත්‍රිකුණාමලයේ පැවති උත්සවයකදීයි.

ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යා පීඨයේ නාවික හමුදා විසිර යාමේ පෙළපාලියේ ප්‍රධාන ආරාධිතයා වූයේ ආරක්ෂක ලේකම්වරයායි.

මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ තුයියකොන්තා මහතා කියා සිටියේ රටේ ආරක්ෂක අංශ සතු මූලික කාර්ය භාරය වන දේශයේ ආරක්ෂාව සඳහා පමණක් අපගේ ආරක්ෂක හමුදා යොදවන බවට සහතික වන බවයි.

නාවික හමුදාපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා මහතා ඇතුළු උසස් නිලධාරීන් ද මෙම අවස්ථාවට එක්ව සිටියා.

COMMENTS