නව නාවික හමුදාපති රියර් අද්මිරාල් කාංචන බානගොඩ
නව නාවික හමුදාපතිවරයා ලෙස රියර් අද්මිරාල් කාංචන බානගොඩ අද පත් කර තිබෙනවා.
ඒ මහතා නාවික හමුදාවේ මාණ්ඩලික ප්රධානි ධුරය හෙබවූ අතර ඔහු කැඩෙට් නිලධාරියෙකු ලෙස 1989 වසරේදී නාවික හමුදාවට එක් වී තිබෙනවා.
රියර් අද්මිරාල් කාංචන බානගොඩ සිය සේවා කාලය තුළ වේග ප්රහාරක මුර යාත්රාවන්හි අණභාර නිලධාරී ලෙස සහ ශ්රී ලංකා නාවික හමුදා නෞකා හා ආයතනයන්හි අණ දෙන නිලධාරී වශයෙන් රාජකාරී සිදු කොට තිබෙනවා.
තව ද, අධ්යක්ෂ නාවික පුහුණු, ගිණිකොණ නාවික විධානයේ ආඥාපති, උතුරු මැද නාවික විධානයේ ආඥාපති සහ උතුරු නාවික විධානයේ ආඥාපති ලෙස කටයුතු කර ඇති අතර නැගෙනහිර නාවික විධානයේ ආඥාපති වශයෙන් කටයුතු කර තිබෙනවා.