නෙවිල් ද සිල්වාට ඇප
අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි කොළඹ අපරාධ කොට්ඨාසයේ හිටපු අධ්යක්ෂ සහකාර පොලිස් අධිකාරී නෙවිල් ද සිල්වා මහතාට ඇප නියම කර තිබෙනවා.
රුපියල් පනස්දහසක ඇප මුදලක් සහ ලක්ෂ පනහ බැගින් වූ ශරීර ඇප තුනක් රත්නපුර මහෙස්ත්රාත් සමන් ඩි. කේ. බරණලියනගේ මහතා විසින් නියම කර තිබුණා
එමෙන්ම සෑම මසකම අවසන් ඉරු දින උදේ 9-12ත් අතර කොළඹ සමූහ මංකොල්ල අපරාධ අංශයට වාර්තා කළ යුතු බවත් නියම කර තිබෙනවා.
නඩුව යළි ජනවාරි 31 විභාගයට ගැනීමට නියමිතයි
මැණික්, වාහන ඇතුළු දේපොළ තොගයක් බලහත්කාරයෙන් ලබාගත් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසයට කළ පැමිණිල්ලකට අනුව එම දේපොළ ඒක පාර්ශ්විකව පැමිණිලිකරුට ලබාදීම සම්බන්ධයෙන් ඔහුව පසුගියදා අත්අඩංගුවට ගැනුණා