විදුලි ගාස්තු සංශෝධනය පිළිබඳ අවසන් තීන්දුව ජනවාරි 17 වැනිදා
විදුලි ගාස්තු සංශෝධනය පිළිබඳ අවසන් තීන්දුව ජනවාරි 17 වැනිදා ප්‍රකාශයට පත් කරන බව මහජන උපයෝගීතා කොමිෂන් සභාව පවසයි.
එම කොමිසම සඳහන් කළේ, ඊට අදාළ මහජන අදහස් ලබාගැනීම මේ වන විට සිදු කෙරෙන බවයි.
අද මහජන අදහස් ලබා ගැනෙන්නේ, ඌව පළාත කේන්ද්‍ර කරගනිමින් ය.
ජනවාරි 3 වැනිදා සිට සෙසු පළාත් ආවරණය කරමින් ජනතා අදහස් ලබාගැනීමට නියමිතයි.
අනතුරුව සකස් කෙරෙන අවසන් තීන්දුව ලබන 17 වැනිදා ප්‍රකාශයට පත් කරන බව, එම කොමිසම තහවුරු කළේ ය.