වෙන් කළ ආසන ප්‍රවේශපත්‍ර ගැන දුම්රිය දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

වෙන් කළ ආසන ප්‍රවේශපත්‍ර ගැන දුම්රිය දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

වෙන් කළ ආසන ප්‍රවේශපත්‍ර සහ මුදල් ආපසු ගෙවීම් සම්බන්ධව දුම්රිය දෙපාර්තමේන්තුව විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එහි සඳහන්ව ඇත්තේ දුම්රිය ආසන වෙන් කිරීමේදී මගියාගේ ජාතික හැඳුනුම්පත් අංකය හෝ විදෙස් ගමන් බලපත්‍ර අංකය ඇතුළත් කිරීම අනිවාර්ය කර ඇති බවයි.

එමෙන්ම දුම්රිය ස්ථානයට ඇතුළත් වීමේදි හා දුම්රිය තුළ ප්‍රවේශපත්‍රය පරික්ෂා කිරීමේදී ප්‍රවේශපත්‍රයේ සඳහන් පරිදි ජාතික හැඳුනුම්පත් අංකය හෝ විදෙස් ගමන් බලපත්‍ර අංකය පරික්ෂා කර තහවුරු කර ගැනීමට කටයුතු සූදානම් කර ඇති බවද සඳහන් කරයි.

ජනවාරි (01) වැනිදා සිට වෙන්කළ ආසන ප්‍රවේශ පත්‍ර මුදල් ආපසු ඉල්ලුම් කිරීමේදි ප්‍රවේශ පත්‍ර හිමිකරුගේ අනන්‍යතාව තහවුරු කර ගැනීමට අනිවාර්යයෙන්ම මගියාගේ ජාතික හැඳුනුම්පතේ හෝ විදෙස් ගමන් බලපත්‍රයේ පිටපතක් දුම්රිය ස්ථානය වෙත ඉදිරිපත් කළ යුතු බවත් එම නිවේදනයේ සඳහන්ව තිබෙනවා.

COMMENTS