පා.ම කොට්ටහච්චිට මඩ ගැසූ පොහොට්ටුවේ හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රී අත්අඩංගුවට

පා.ම කොට්ටහච්චිට මඩ ගැසූ පොහොට්ටුවේ හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රී අත්අඩංගුවට

ජාතික ජන බල බලවේගයේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනී නිලන්ති කොට්ටහච්චි මහත්මියට සමාජ මාධ්‍ය ඔස්සේ අපහාස කිරීමේ චෝදනා මත කළුතර මිල්ලනිය ප්‍රාදේශීය සභාවේ පොදුජන පෙරමුණේ හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රී රවින්ද්‍ර රම්මුණි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අද (03 පෙරවරු 9ට පමණ සැකකාර හිටපු මන්ත්‍රීවරයාව කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඔහුගේ නිවස පිහිටි බටගොඩ ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගැනුණු බවයි වාර්තා වන්නේ.

හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා ඉකුත් දා සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් මන්ත්‍රිනී කොට්ටහච්චි මහත්මියට අපහාසවන පරිදි පොස්ටුවක් පළකර තිබූ අතර, පසුව එදිනම එම පොස්ටුව ඔහු විසින් ඉවත්කොට තිබුණා.

COMMENTS