බෝ අත්ත කඩා වැටීමේ සිදුවීමෙන් තවත් රැදවියෙක් මියයයි

බෝ අත්ත කඩා වැටීමේ සිදුවීමෙන් තවත් රැදවියෙක් මියයයි

මාතර බන්ධනාගාරයේ බෝ අත්තක් කඩා වැටීමෙන් තුවාල ලබා රෝහල් ගත කර සිටි අනෙක් රැඳවියාද අද (03) අලුයම ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මාතර බන්ධනාගාරයේ රැඳවියන් සිටි වාට්ටුවක් මතට පෙරේදා (01) රාත්‍රියේ බෝ ගසක අත්තක් කඩා වැටීමෙන් එක් රැඳවියෙකු ජීවිතක්ෂයට පත්ව 11 දෙනෙකුට තුවාල සිදුවීමෙන් මාතර මහ රෝහලට ඇතුළත් කළා.

ඔවුන් අතරින් අසාධ්‍ය තත්ත්වයේ පසුවූ අයෙකුයි මෙලෙස මියගොස් ඇත්තේ.

ඔහු දෙවිනුවර ප්‍රදේශයේ පදිංචි 43 හැවිරිදි පුද්ගලයෙක් වන අතර. දික්කසාද නඩුවක නඩත්තු නොගෙවීම හේතුවෙන් මාස 05 බැගින් මාස 10ක සිරදඩුවම් නියම වී සිරගතව සිටි අයෙක් බව වාර්තා වනවා.

COMMENTS