මුද්‍රණය ප්‍රමාද වූ රියදුරු බලපත්‍ර ගැන තීරණයක්
මුද්‍රණය ප්‍රමාද වී ඇති රියදුරු බලපත්‍ර 130,000ක් මාසයක් ඇතුළත මුද්‍රණය කර නිකුත් කිරීමට පියවර ගන්නා බව ප්‍රවාහන, මහ මාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය සඳහන් කරනවා.
නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යාංශය සඳහන් කළේ මොටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සේවාවන් මාර්ග ගත ක්‍රමයට පවත්වාගෙන යාමට පියවර ගන්නා බවයි.
මේ අතර, 2025 වසර අවසන්වන විට ඓතිහාසික පෙරළියක් සිදු කිරීම අභිනව රජයේ ප්‍රතිපත්ති බවත් එම අභිලාෂයන් මුදුන්පත් කරගැනීමට අවශ්‍ය ක්‍රියා මාර්ග ගන්නා බවත්, මෙතෙක් කලක් ගොඩනැගිලි ඉදිකිරීමෙන් පෙන්වු භෞතික දියුණුව වෙනුවට මානව සම්පත සහ කුසලතා වර්ධනය කර, සේවා ලබාදීමේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීමට රජය කටයුතු කරන බවත් මෙහිදී අමාත්‍යවරු දෙපළ වැඩිදුරටත් සඳහන් කළ බවයි එම අමාත්‍යාංශ නිවේදනයේ දැක්වෙන්නේ