ලොව වයස්ගතම ඔලිම්පික් රන් පදක්කම්ලාභිනිය අභාවප්‍රාප්ත වෙයි
ලොව වයස්ගතම ඔලිම්පික් රන් පදක්කම්ලාභිනිය වූ හංගේරියාවේ ඇග්නස් කෙලෙටි අභාවප්‍රාප්ත වී තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ඇග්නස් කෙලෙටි අසනීප තත්ත්වයක් හේතුවෙන් හංගේරියාවේ බූඩපෙස්ට්හි හමුදා රෝහලේදී ඊයේ(02) අභාවප්‍රාප්ත වූ බවයි.
ලබන ජනවාරි 9 වැනි දාට උපන්දිනය යෙදී තිබූ ඇය අභාවප්‍රාප්ත වනවිට 103වැනි වියේ පසුවිය.
1952 වසරේදී පළමු ඔලිම්පික් රන් පදක්කම දිනා ගත් මෙම හංගේරියානු ජිම්නාස්ටික් ශූරිය රන් පදක්කම් 5ක් ද ඇතුළුව දිනා සිටි සමස්ත ඔලිම්පික් පදක්කම් ගණන 10කි.
කෙලෙටි 1940දී පළමු හංගේරියානු ශූරතාව දිනා ගත් පසු ඇයගේ යුදෙව් සම්භවය නිසා ඇයට සියලු ක්‍රීඩා කටයුතු කලක් තහනම්ව තිබුණි.