කම්කරු ගැටලු ගැන කඩිනම් ප්‍රතිචාර දැක්වීමට විශේෂ වැඩපිළිවෙලක්
කම්කරු ගැටලු සම්බන්ධයෙන් කඩිනම් ප්‍රතිචාර දැක්වීම සඳහා විශේෂ වැඩපිළිවෙලක් ආරම්භ කර ඇතැයි කම්කරු අමාත්‍යාංශය පවසයි.
අමාත්‍යාංශය සඳහන් කළේ, ගැටලුවලට සහන හා මැදිහත්වීම් ඉල්ලා ජනතාව ලිපි ඉදිරිපත් කරන බවයි.
ඒ අනුව ඊට කඩිනම් ප්‍රතිචාර දැක්වීම සඳහා 0707227877 යන whatsapp අංකය හඳුන්වා දී තිබේ.
කම්කරු අමාත්‍යාංශය පැවසුවේ, පෞද්ගලික හා අර්ධ රාජ්‍ය සේවකයින්ගේ සේවා ගැටලුවලට කඩිනම් සහන සැලසීම ප්‍රධාන අරමුණ බවයි.
ඒ අනුව මහජනතාවගේ කාලය සහ වියදම් අවම කිරීම මෙන්ම කඩිනම් ප්‍රතිචාර දැක්වීම වර්ධනය කිරීමටත්, නිලධාරින්ගේ කාලය කළමනාකරණය කර ගැනීමේ පහසුව සඳහා whatsapp අංකය හඳුන්වාදුන් බව කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා සඳහන් කළේ ය.