ක්ලීන් ශ්‍රී ලංකා ව්‍යාපෘතියට සමගාමීව විශේෂ රථ වාහන මෙහෙයුමක්

ක්ලීන් ශ්‍රී ලංකා ව්‍යාපෘතියට සමගාමීව විශේෂ රථ වාහන මෙහෙයුමක්

ක්ලීන් ශ්‍රී ලංකා ව්‍යාපෘතියට සමගාමීව විශේෂ රථවාහන මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා.

ජනතාව දැනුවත් කිරීමේ අරමුණින් නියමු ව්‍යාපෘතියක් ලෙස එය ලබන 19 වනදා දක්වා ක්‍රියාත්මක කෙරෙනවා.

රිය අනතුරු හා රථවාහන තදබදය අවම කර ගැනීම සඳහා ව්‍යාපෘති දෙකක් ක්‍රියාත්මක කරන ලෙස පොලිස්පතිවරයා උපදෙස් ලබාදී තිබෙනවා.

ඒ අනුව පළමු මෙහෙයුම මගින් රථවාහනවල විවිධ නාද රටා විවිධ වර්ණ සහිත නිවෙන දැල්වෙන අමතර පහන්,නීතිවිරෝධී සවිකිරීම් , ඝෝෂාකාරී නලා ,අධික ශබ්ද සහිත සයිලන්සර්,අනතුරු ඉහළ යන ආකාරයෙන් සවිකර ඇති රූප සහ පිළිම සම්බන්ධයෙන් අවධානය යොමු කෙරෙනවා.

දෙවන මෙහෙමේදී උපාය දූතයින් යොදවා පොදු ප්‍රවාහන බස් රථ ධාවනයේදී රියදුරන් සිදු කරන වැරදි අනාවරණය කරගනිමින් නීතිය ක්‍රියාත්මක කිරීම සිදු කෙරෙනවා.

ඊයේ ආරම්භ කෙරුණු මෙම මෙහෙයුම් ලබන 19 වනදා දක්වා සති දෙකක කාලයක් නියමු ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මකයි.

එහිදී රියදුරන් වෙත අවවාද කර දැනුවත් කිරීම් සිදු කෙරෙනවා.

පළමු මෙහෙයුමට අදාළව රථ වාහනවල සවිකර ඇති අමතර කොටස් වාහනවලින් ඉවත් කිරීමට ද කාලයක් ලබා දෙන බවයි පොලීසිය පවසන්නේ.

ඉදිරියේදී මෙම ක්‍රමවේද අඛණ්ව ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කෙරෙන අතර රථවාහන වැරදිවලිට අදාළව නීතිය දැඩිව ක්‍රියාත්මක කෙරෙන බවයි පොලීසිය අවධාරණය කරන්නේ.

COMMENTS