ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීමේ කටයුතු 08 වැනිදා ඇරඹේ
2024 පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයිම් කටයුතු ලබන 08 වනදා ආරම්භ කරන බව විභාග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා. විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර හිරු ප්රවෘත්ති අංශයට කියා සිටියේ, එම කටයුතු ලබන 12 වනදා දක්වා ක්‍රියාත්මක බවයි.
ඒ අනුව, ඇගයීම් කටයුතු කඩිනමින් අවසන් කර ප්‍රතිඵල ලබාදීමට නියමිත බව විභාග කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් සදහන් කළා.
ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව අනුව, 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ 01 වන ප්‍රශ්න පත්‍රයේ ගැටළු සහගත ප්‍රශ්න 3 සඳහා සියලු විභාග අපේක්ෂකයන්ට නිදහස් ලකුණු ප්රදානය කිරීමට විභාග දෙපාර්තමේන්තුව පසුගිය දා තීරණය කළා.