තිසර නානායක්කාර යළි රිමාන්ඩ්
හිටපු විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාරගේ සොහොයුරු වන තිසර ඉරෝෂණ නානායක්කාර ජනවාරි 17 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණය අද (06) නියෝග කර තිබෙනවා.
ෆින්ලන්තයේ රැකියා ලබාදෙන බව පවසා රුපියල් ලක්ෂ 30ක මුදලක් වංචා කිරීම සම්බන්ධයෙන් තිසර ඉරෝෂණ නානායක්කාරට වෝදනා එල්ල වී තිබුණා.
ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් ඔහුව බිබිල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් අතර, පසුගිය 29 වනදා සැකකරුව ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අද දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබුණා.