මගීන්ගේ ආරක්ෂාවට අයිතිවාසිකම් ලැයිස්තුවක්
බස් රථවල ගමන් ගන්නා මගීන්ගේ ආරක්ෂාව වෙනුවෙන් මගී අයිතිවාසිකම් ලැයිස්තුවක් සකස් කරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසනවා.
ඒ අනුව බස් රථ සඳහා කොමිෂන් සභාව ලබාදෙන ධාවන බලපත්‍රවල අඩංගු කොන්දේසි මෙන්ම පළාත් සභා වලින් බස් රථ ධාවන බලපත්‍ර නිකුත් කිරීමේ දී අඩංගු කොන්දේසි සියල්ල එක්කර ගනිමින් මෙම අයිතිවාසිකම් ලැයිස්තුව පිළියෙළ කිරීමට සැළසුම්කර තිබෙනවා.
මෙම කරුණු සම්බන්ධයෙන් බස් රථ සංගම් සහ මගී සංගම් සමග සාකච්ඡා කර අවසන් තීරණයකට එළඹීමට නියමිත බවයි, ජාතික ගමනා ගමන කොමිෂන් සභාව සඳහන් කළේ.
මේ අතර මාර්ග තදබදය අවම කිරීම සහ අනතුරු වළක්වා ගැනීම සඳහා විශේෂ රථවාහන මෙහෙයුමක් අදියර දෙකක් යටතේ ක්‍රියාත්මක කිරීමට පොලීසිය කටයුතු කර තිබෙනවා.
ඒ අනුව ලබන 19 වනදා දක්වා එම නියමු ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරෙනවා.
ඒ අනුව පළමු මෙහෙයුම මගින් රථවාහනවල විවිධ නාද රටා විවිධ වර්ණ සහිත නිවෙන දැල්වෙන අමතර පහන්, නීතිවිරෝධී සවිකිරීම්, ඝෝෂාකාරී නලා, අධික ශබ්ද සහිත සයිලන්සර්, අනතුරු ඉහළ යන ආකාරයෙන් සවිකර ඇති රූප සහ පිළිම සම්බන්ධයෙන් අවධානය යොමු කෙරෙනවා.
දෙවන මෙහෙමේදී උපාය දූතයින් යොදවා පොදු ප්‍රවාහන බස් රථ ධාවනයේදී රියදුරන් සිදු කරන වැරදි අනාවරණය කරගනිමින් නීතිය ක්‍රියාත්මක කිරීම සිදු කෙරෙනවා.
මාර්ග අනතුරු හේතුවෙන් දිනකට සාමාන්‍යයෙන් පුද්ගලයින් 8 දෙනෙකු පමණ මියයන බවටයි නවතම වාර්තා තහවුරු කරන්නේ.
මාර්ග අනතුරු දිනකට 25ක් පමණ සිදුවන අතර ඉන් පුද්ගලයින් සියයකට වැඩි පිරිසක් තුවාල ලබනවා.
ඉන් 25 දෙනෙකු පමණ බරපතල තත්ත්වයේ පසුවන අතර සාමාන්‍යයෙන් පුද්ගලයින් 10 දෙනෙකු පමණ දීර්ඝකාලීන හෝ සදාකාලික ආබාධ තත්ත්වයට පත්වනවා.
මෙම අනතුරුවලට ලක්වන බොහෝ පිරිසක් රටේ ආර්ථිකයට දායකත්වය ලබාදිය හැකි තරුණ පිරිස වීමද අවාසනාවන්ත තත්ත්වයක්.
එම පසුබිම හමුවේ මෙම තත්ත්වය සෘජුවම රටේ ආර්ථිකයට ද බලපෑම් එල්ල කරනවා.