රුසියාව සමග ඇති ගැටුම් අවසන් කිරීමට නම්, අමෙරිකාව තම රටේ ආරක්ෂාව සහතික කළ යුතුයි
රුසියාව සමග ගැටුම් අවසන් කිරීමට නම් තම රටේ ආරක්ෂාව අමෙරිකාව සහතික කළ යුතු බව, යුක්රේන ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කි පවසයි.
ඔහු පෙන්වා දෙන්නේ ඒ සම්බන්ධයෙන් අමෙරිකානු ජනාධිපතිවරණයෙන් තේරි පත්වූ ඩොනල්ඩ් ට්රම්ප් ජනාධිපති ධුරයේ දිවුරුම් දුන් පසු සාකච්ඡා කිරීමට සූදානම් බවයි .
රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් යුද්ධය අවසන් කිරීම සඳහා උනන්දුවක් නොදක්වන බව යුක්රේන ජනාධිපතිවරයා පෙන්වා දෙයි.
ඔහු අවධාරණය කරන්නේ මෙම ගැටුම් විසඳාගත හැක්කේ අමෙරිකාවේ මැදිහත් වීමෙන් පමණක් බවයි.