ජපානයෙන් ශ්‍රී ලංකාවට අඛණ්ඩව සහය
ශ්‍රී ලංකාවට ලබා දෙන මූල්‍ය සහ තාක්ෂණික සහාය අඛණ්ඩව ලබා දෙන බව ජපන් ජාත්‍යන්තර සහයෝගිතා ආයතනයේ උප සභාපති හාරා ෂෝහෙයි මහතා පවසා තිබේ.
ඒ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ජපන් ජාත්‍යන්තර සහයෝගිතා ආයතනයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති හාරා ෂෝහෙයි මහතා අතර ජනාධිපති කාර්යාලයේ ඊයේ (07) පැවති හමුවකදියී.
ජපාන ආධාර යටතේ ක්‍රියාත්මක කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ පර්යන්තයේ සංවර්ධන කටයුතු පිළිබඳව මෙහිදී සාකච්ඡා කර තිබේ.
එමෙන්ම ජයිකා ආධාර යටතේ මෙරට ක්‍රියාත්මක සියලු ව්‍යාපෘති කඩිනමින් අවසන් කිරීමට සැලසුම් කර ඇති බව ද මෙහිදී සාකච්ඡා වී ඇති බව සඳහන්.
“Clean Sri Lanka” වැඩසටහන පිළිබඳව සිය ප්‍රසාදය පළ කළ උප සභාපතිවරයා පවසා ඇත්තේ එම ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය මූල්‍ය හා තාක්ෂණික සහාය ලබාදීමට සූදානම් බවයි.