තිරුපති කෝවිල් බිමේ තෙරපීමකින් 6ක් මරුට
දකුණු ඉන්දියාවේ ආන්ද්‍ර ප්‍රදේශ් ප්‍රාන්තයේ පිහිටි ලෝක ප්‍රකට තිරුපති කෝවිල් භූමියේ තෙරපීමකින් පුද්ගලයන් 6 දෙනකු ජීවිතක්ෂයට පත්වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා .
මේ අනතුර සිදුවී ඇත්තේ තිරුපති කෝවිලේ අද ආරම්භ වීමට නියමිත විෂ්ණු පූජාව සඳහා සහභාගි වීමට ප්‍රවේශපත්‍ර ලබා ගැනීමට අතිවිශාල බැතිමතුන් පිරිසක් එක්රොක් වීම හේතුවෙන් බවයි ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේ.
තෙරපීම හේතුවෙන් තුවාල ලැබූ තවත් විශාල බැතිමතුන් පිරිසක් රෝහල්ගත කර ඇති බව වාර්තා වෙනවා .
දින 10ක් පුරා පැවැත්වෙන විෂ්ණු පූජාව තිරුපති කෝවිලේ ජනවාරි මාසයේ විශාලතම ආගමික උත්සවය වන අතර ඒ සඳහා දෙස් විදෙස් හින්දු බැතිමතුන් විශාල සංඛ්‍යාවක් සහභාගි වන බව එරට මාධ්‍ය සඳහන් කරනවා .
ප්‍රවේශපත්‍ර එක්ලක්ෂ විසිදහසක ප්‍රමාණයක් බෙදා දීම සඳහා කවුළු 4ක් ස්ථාපිත කර තිබූ අතර ප්‍රවේශපත්‍ර ලබාගැනීම සඳහා රැස්වූ බැතිමතුන් අතර නොසන්සුන්තාවක් හටගත් බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.
එය පාලනය කිරීමට පොලිස් නිලධාරීන් ගත් උත්සාහය අසාර්ථක වී ඇතැයි ද වාර්තා වෙනවා .