ලැව්ගින්නේ බලපෑම පරමාණු බෝම්බ ප්‍රහාරයකට සමානයි

ලැව්ගින්නේ බලපෑම පරමාණු බෝම්බ ප්‍රහාරයකට සමානයි

ඇමෙරිකාවේ ලොස් ඇන්ජලිස් ගින්නේ බලපෑම පරමාණු බෝම්බ ප්‍රහාරයකට සමාන බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.

ලොස් ඇන්ජලිස්හි හටගෙන ඇති ලැව්ගිනි හේතුවෙන් මේ වන විට පුද්ගලයින් 05 දෙනෙකුට දිවි අහිමි වී ඇති අතර මරණ සංඛ්‍යාව තවදුටරත් ඉහළ යාහැකි බවට ගිනි නිවන අංශ අනතුරු අඟවනවා.

අධික සුළං හේතුවෙන් ලැව්ගිනි පාලනය කිරීම දැඩි අසීරු කටයුත්තක් බවයි ඔවුන් සඳහන් කරන්නේ.

ලැවිගිනි හේතුවෙන් නිවාස ඇතුළු ගොඩනැගිලි 5300කට අධික සංඛ්‍යාවක් සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බව ගිනිනිවන අංශ තහවුරු කරනවා.

ගින්න හට ගැනීමට හේතුව සොයා විශේෂ විමර්ශනයක් ක්‍රියාත්මක බවයි ඔවුන් පවසන්නේ.

අතහැර දැමූ නිවෙස් කොල්ලකමින් සිටි පුද්ගලයින් 20 දෙනෙකු ද පොලිස් අත්අඩංගුවට පත්ව ඇති බව සඳහන්.

එමෙන්ම ඇතැම් ප්‍රදේශයන්ට ඇදිරි නීතිය පැනවීමටයි ආරක්ෂක අංශ පියවර ගෙන ඇත්තේ.

https://bitlyv.com/MQy7Q

COMMENTS