ගල්ඔයේ බැම්ම අවදානමේ – පවුල් 25ක් ඉවතට
අම්පාර කොටවෙහෙර ප්රදේශයෙන් ගල් ඔයේ ඉවුර කැඩීයාමේ අවදානමක් මතුව තිබෙනවා.
මේ හේතුවෙන් සේනානායකපුර හා සාමපුර ප්රදේශවල පවුල් 25කට අයත් පුද්ගලයින් සිය දෙනෙකු ආරක්ෂිත ස්ථාන වෙත යොමුකර ඇති බවයි අම්පාර දිස්ත්රික් ලේකම් චින්තක අබේවික්රම මහතා පැවසුවේ.