සීගිරිය රාත්‍රියට විවෘත නැහැ
රාත්‍රී කාලයේ දී සිගිරිය සංචාරකයින්ට විවෘත කර ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන ප්‍රවෘත්තිය සම්පූර්ණයෙන්ම අසත්‍ය බව සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය පවසනවා.
සංචාරකයින්ගේ දැඩි ආකර්ෂණයක් ලැබී තිබෙන සිගිරිය රාත්‍රී කාලයේ දී සංචාරකයින් සඳහා විවෘත කර ඇති බව සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ පසුගියදා ප්‍රවෘත්තියක් පැතර ගියා.
එම ප්‍රවෘත්තියට අදාළ බව පවසමින් රාත්‍රී කාලයේ සංචාකරයින් රැඳී සිටින ස්ථානයක ඡායා රූපයක් ද පළ කර තිබූ අතර එහි දැක්වූයේ එම ඡායා රූපය සිගිරියේ රාත්‍රී දර්ශනයක් බවයි.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් බුද්ධ ශාසන ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය සඳහන් කරන්නේ සිගිරිය රාත්‍රී කාලයේ දී සංචාරකයින් සඳහා විවෘතව තැබීමට කිසිදු තීරණයක් ගෙන නොමැති බවයි.
එමෙන්ම සමාජ මාධ්‍ය තුළ සංසරණය වන සිගිරියේ ඡායා රූපයක් බව සඳහන් කර ඇති ඡායා රූපය සීගිරියට අදාළ ඡායා රූපයක් නොවන බව ද එම මාධ්‍ය නිවේදනය මගින් සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය දැනුම් දෙනවා.