ජෝ බයිඩ්න් ධවල මන්දිරයට සමුදෙයි

ජෝ බයිඩ්න් ධවල මන්දිරයට සමුදෙයි

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩ්න් වසර 4කට පසු සිය ධුර කාලය අවසන් කර ධවල මන්දිරයට සමුදී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා .

ඒ විනාඩි 19ක් පුරා ජාතිය ඇමතීමෙන් අනතුරුව බවයි වාර්තා වන්නේ .

එම වාර්තාවල සඳහන් වන පරිදි අවසන් වරට ඕවල් කාර්යාලයේ සිට ජාතිය අමතමින් ඔහු කියා සිටියේ විශාල කනස්සල්ලක් ඇති කරන ඇතැම් දේවල් ගැන රටට අනතුරු ඇගවීමට අවශ්‍ය බවයි.

බලය සහ ලාභ ප්‍රයෝජන තකා සමාජ මාධ්‍ය පවසන බොරුවලින් සත්‍ය යටපත්වී ඇති බව ඔහු පැවසූ බවද සඳහන් වෙනවා .

අපගේ දරුවන් අපගේ පවුල් සහ අපගේ ප්‍රජාතන්ත්‍රවාදය බලය අනිසි ලෙස භාවිත කිරීමෙන් ආරක්ෂා කර ගැනීමට සඳහා සමාජ වේදිකා වගකිව යුතු බව ද ඔහු පවසා තිබෙන බවයි එම මාධ්‍ය වාර්තා කරන්නේ .

තමන් බීජ රෝපණය කර ඇති අතර ඒවා වර්ධනය වී දශක ගණනාවක් තිස්සේ මල්පිපෙනු ඇතැයි ඔහු සිය සමුගැනිමේ දේශනය අතරතුර සඳහන් කර තිබෙන බව සඳහන් .

ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරන ලෙස ඉල්ලා සිටි ඔහු තමන් ඇමෙරිකාවට ආදරය කරන බව ද වැඩි දුරටත් ප්‍රකාශ කළ බවයි එම වාර්තාවල වැඩිදුරටත් සඳහන් වන්නේ .

https://bitlyv.com/LYFZb

COMMENTS