බලශක්ති අරමුණු ජය ගැනීමට කොරියාවේ පුර් ණ සහාය
බලශක්ති අරමුණු ජය ගැනීමට ශ්‍රී ලංකාවට පුර්ණ සහාය ලබාදෙන බව කොරියාව පවසනවා.
ශ්‍රී ලංකාවේ කොරියා තානාපතිනි මියෝන් ලී මහත්මිය බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා හමුවේයි මේ බව ප්‍රකාශ කළේ .
මෙම හමුව බලශක්ති අමාත්‍යාංශයේ දී සිදුකෙරුණා.
කොරියා තානාපතිවරිය මෙහිදි තවදුරටත් පැවසුවේ කොරියාව පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්රයෙන් දියුණුවක් ලබා ඇති බවයි.
කොරියා රජය හා පෞද්ගලික අංශය ශ්‍රී ලංකාවේ නව රජය සමග වඩා සමීපව කටයුතු කිරීමට අපේක්ෂා කරන බව ද ඇය සඳහන් කර සිටියා .
අමාත්‍ය කුමාර ජයකොඩි මහතා මෙහිදී පැවසුවේ දකුණු කොරියාව අද ලබා ඇති ප්‍රගතිය ශ්‍රී ලාංකාවට ආදර්ශයක් බවයි.
රජයේත් පුද්ගලික අංශයේත් සෘජු ආයෝජන සහ ඒකාබද්ධ ව්‍යාපෘති අපේක්ෂා කරන බව ද අමාත්‍යවරයා සඳහන් කර සිටියා .