සම්බාහන දුම්රිය මැදිරි ගැන දුම්රිය දෙපාර් තමේන්තුව උත්තර දෙයි
දුම්රියක් තුළ විදේශිකයන් සම්බාහනය කරන ආකාරය දැක්වෙන වීඩියෝව සම්බන්ධයෙන් දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර ප්‍රතිචාර දක්වා තිබෙනවා.
ඒ අනුව අදාළ සිදුවීම සිදුව ඇත්තේ සාමාන්‍ය මගී දුම්රියක නොවන බවයි අද (17) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු සඳහන් කළේ.
සංචාරක කටයුතු සඳහා ආයතනවලට මුදල් ගෙවා දුම්රිය වෙන් කර ගැනීමේ හැකියාව පවතින බවත් අදාළ සිදුවීම සිදුව ඇත්තේ එවැනි දුම්රියක බවයි ඔහු සඳහන් කළේ.
අදාළ සිදුවීම දැනගත් පසු අදාළ දුම්රියවලට යම් හානියක් සිදුව ඇද්ද යන්න සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර ඇති බවත් යම් යම් අලාභ හානියක් සිදුව ඇත්නම් එය අය කරගැනීමටද පියවර ගන්නා බවයි දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර වැඩිදුරටත් ප්‍රකාශ කළේ.