දේශීය මිණිරන්වලින් යළි ආරෝපණය කළ හැකි බැටරි
දේශීය මිණිරන් යොදා ගනිමින් නැවත ආරෝපණය කළ හැකි බැටරි නිෂ්පාදනය කිරීමට විද්‍යා හා තාක්ෂණ අමාත්‍යංශය වැඩපිළිවෙළක් ආරම්භ කර තිබෙනවා.
ඒ අනුව, විද්‍යා හා තාක්ෂණ අමාත්‍යංශයට අනුබද්ධ ජාතික මූලික අධ්‍යයන ආයතනයේ පර්යේෂණයක ප්‍රතිඵලයක් ලෙස මෙම වැඩපිළිවෙල ආරම්භ කර ඇති බව සදහන්.
මෙය වාණිජමය කටයුත්තක් ලෙස සිදු කිරීමට මෙරට පෞද්ගලික අංශයද සම්බන්ධ කරගැනීමට අපේක්ෂා කෙරෙනවා.